පරිගණකය ඔන් වෙනකොට ඔයාලට ඕන කටහඩ අහන්න
පරිගනකය ඔන් වෙන් පලවෙනි අවස්තාවේදී ඔයාලට ඇහෙන්නේ සාම්ප්‍රදායික වින්ඩෝස් Sound Track එක නේද? අපිට ඒකට අපේම වචන ටිකක් දාගන්න පුලුවන් විදියක් ඔන්න හම්බුනමේක කරන්න මුලින්ම නෝට්පෑඩ් එක ඕපන් කරගන්න. ඊලගට පහල් කේත කොටස ඒකේ නිවැරදිව ලියාගන්න. වැරදියට ලියගෙන වැඩකරන්නේ නෑ කියන්න එහෙම් එපා.
Dim speaks, speech
speaks="ඔයාලගෙ පනිවිඩය මෙතෙන්ට ලියන්න"
Set speech=CreateObject("sapi.spvoice")
speech.Speak speaks
ඊලගට මේක speech.vbs කියලා කොහෙ හරි සේවු කරගන්න. ඉතින් වැඩේ හරියට වැඩ කරනවද කියලා බලන්න් ඕනේ නම් මේ ගොනුව උඩ දෙපාරක් ක්ලික් කරලා බලන්න. එතකොට අපේ පරිගනකයේ කටහඩ වන Anna හරි Sam හරි අපිට අපි ලියපු පනිවිඩය අපිට ඇහෙන්න කියයි.
ඊලගට අපි බලමු පරිගනකය ඔන් වෙද්දිම මේ පනිවිඩය අපිට ඇහෙන්න හදන්නේ කොහොමද කියලා ඉතින් ඔයාලා දන්නවා පරිගනකයේ STARTUP කියලා පෝල්ඩරයක් තියනවා කියලා. වින්ඩෝස් XP වලදි මේකට යන්නේ START > ALL PROGRAMS > STARTUP වලින්. වින්ඩෝස් 7 වලදි නම් START එකේSTARTUP කියලා Search කලාම මේක හොයගන්න් පුලුවන්. ඉතින් අපි කලින් හදාගත්ත speech.vbs ගොනුව මේ STARTUP පෝල්ඩරය තුලට කොපි කරගන්න ඊලගට් පරිගනකය RESTART කරන්න. අපි හදපු ගොනුව පරිගනකය ආරම්බයේදී ක්‍රියාත්මක වෙලා ඔයාලට කතා කරයි.. උත්සාහා කරලා බලන්න.
No comments:
Post a Comment